බේරුවල බෝට්ටු අනතුරින් අතුරැදන්ව සිටි පුද්ගලයන් අතර අවසන් තැනැත්තියගේ සිරුරත් අද හවස හමුවී ඇත.
කලුතර කටුකුරුන්ද වෙරළ තීරයට මෙම මෘත ශරීරය ගොඩගසා තිබියදී හමුවූ බව කලුතර දිස්ත්රික් ලේකම් යු.ඩී.සී ජයලාල් මහතා පැවසීය.
ඊට අමතරව බේරුවල බෝට්ටු අනතුරින් මියගිය 7දෙනෙකුගේ අවසන් කටයුතු බේරුවල සාන්ත අනා දේවස්ථානයේ ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව එම දේවස්ථාන භූමියේදීම මිහිදන් කෙරිණි.
මේ ආගමික වතාවත් සඳහා අතිඋතුම් මැල්කම් රංජිත් පියතුමන් ද සහභාගී වූ බව බේරුවල පොලීසිය පැවසීය.
තුසිත කුමාර ද සිල්වා