බේකරි නිෂ්පාදන අලෙවි කරන ස්ථානවල පාරිභෝගික ජනතාවට භාණ්ඩ කිරා බැලීම සඳහා තරාදියක් තිබීම අනිවාර්ය බවත්, එම නීතිය පසුව ජංගම බේකරි නිෂ්පාදන අලෙවි කරන ස්ථානවලටත් අනිවාර්ය කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති රුමි මර්ෂුක් මහතා සඳහන් කළේය.
විවිධ බර යටතේ පාන් අලෙවි කරන නිසා ඊට සාපේක්ෂව මිලක් නියම කරන ලෙසද යම් යම් පිරිස් ඉල්ලා සිටියත් රටේ පවතින නීතියට අනුව පාන් ගෙඩියක බර ග්රෑම් 450ක් වියයුතු බවත්, එහි රුපියල් 54ක් වියයුතු බවද පවසා සිටියේය.
මේ නිසා බර අනුව මිල නියම කිරීමට පාරිභෝගික පනත සංශෝධනය කළයුතු බවත්, එය සිදුවිය යුත්තේ පාරිලිමේන්තුව තුළින් බවත්, මේ නිසා එම ඉල්ලීමට එකඟ විය නොහැකි බවද සභාපතිවරයා සඳහන් කළේය. තරාදියක් තිබීම මැයි පළමුවැනිදා සිට අනිවාර්ය බවත්, එම නීතිය ක්රියාත්මක නොකරන පිරිසට එරෙහිව පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පියවර ගැනීමට නියමිත බවද පවසා සිටියේය.