බෙලරුස් රාජ්‍යයේ ග්රෝඩ්නෝ රාජ්‍ය වෛද්‍ය විශ්වවිද්‍යාලය සිය විශ්වවිද්‍යාලයේ ශාඛාවක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීමට අවධානය යොමුකර තිබේ. එරට බෙල්ටා පුවත්සේවය විශ්වවිද්‍යාලයේ ප්‍රධානී වික්ටර් ස්නේසිට්ස්කි උපුටා දක්වමින් මේ බව වාර්තා කළේය.
ඒ අනුව එම විශ්වවිද්‍යාලයේ නියෝජිතයින් පිරිසක් මේ පිළිබඳව ශ්‍රී ලංකාව හා සාකච්ඡා කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බවද ඔහු තහවුරු කර තිබේ. මේ වසරේදී එය ආරම්භ කිරීමට නොහැකිවුවහොත් 2018 වසරේදී හෝ ක්‍රියාත්මක කිරීමට විශ්වවිද්‍යාලය සූදානමින් සිටියි.
ශ්‍රී ලංකාවේ සිටින දේශකවරුන් හරහා මෙහි ඉගැන්වීම් කටයුතු සිදුකිරීමට ඔවුන් සැලසුම් සකස්කර තිබේ. ඒ පිළිබඳව ව්‍යාපාරික වශයෙන් සාකච්ඡා කිරීම සඳහා විශ්වවිද්‍යාලයේ නියෝජිතයන් පිරිසක් ඉදිරියේදී ශ්‍රී ලංකාවට යොමුකිරීමටද ආයතනය බලාපොරොත්තු වෙයි.