අපවත්වි වදාළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති, ඛෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය පූජ්‍ය ඛෙල්ලන්විල විමලරතන හිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවසන් ගෞරව දැක්වූයේය.
උන්වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත් කර ඇති ඛෙල්ලන්විල රජමහා විහාරස්ථානය වෙත අද (04දා) දහවල් ගිය ජනාධිපතිවරයා අවසන් ගෞරවක දැක්වීය.
විහාරස්ථ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා වෙතත්, විහාරස්ථ දායක සභාව වෙත මෙන්ම උන්වහන්සේගේ අපවත්වීමෙන් සංවේගයට පත් සමස්ත ශ්‍රී ලාංකීය ජනතාව වෙත සිය සාතිශය සංවේගය පළ කිරීමට ජනපතිවරයා කටයුතු කළ බව ජනපති මාධ්‍ය අංශය කියයි.