බෙල්ජියමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බෙල්ජියමේ පිලිප් රජතුමා වෙත ශෝකය පළ කර සිටී.
නිරායුධ සිවිල් වැසියන් ඝාතනය කරමින් සහ තුවාල කරමින් බ්‍රසල්ස් හි ගුවන්තොටුපොළ ඇතුළු තවත් ස්ථාන කිහිපයකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මෙසේ පවසා ඇත.
මෙම පුවත ඇසීමෙන් තමා කම්පාවට පත්වූ බවත්, ශ්‍රී ලාංකේය ජනතාව වෙනුවෙන් බෙල්ජියම් රජය සහ ජනතාව වෙත සිය බලවත් ශෝකය පළ කරන බවත් ජනාධිපතිවරයා පවසයි.
මෙවැනි ම්ලේච්ඡ ප්‍රහාර සමස්ත ලෝක වාසී ජනතාව විසින්ම හෙළා දකිනු ඇති බවත්, සියලුම ආකාරයේ ත්‍රස්තවාදී ව්‍යාපාරයන්ට එරෙහිව සාමූහිකව විසඳුම් සෙවීමේ අවශ්‍යතාව මෙම ප්‍රහාරය සමග නැවතත් සිහිපත් කරදෙන බවත් ජනාධිපතිවරයා සිය පණිවුඩයෙන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.