ගම්පොළ දොළොස්බාගේ බෙරවිල කන්ද මාර්ගය නායයෑමෙන් බෙරවිල ප්ර‘දේශයේ පවුල් 195 ක පුද්ගලයන් 800 ක් පිටවීමේ මාර්ග නොමැතිව සිරවී ඇති බව ඉහළ කෝරලයේ ප්රාදේශීය ලේකම් මංගල වික්රමාරච්චි මහතා පවසයි.
නායයෑමෙන් බෙරවිල ප්රධාන මාර්ගය අක්කර පහක පමණ ප්රදේශයක් නාය ගොස් ඇත. ගම්මානයේ සිර වී සිටින පිරිස මුදාගැනීමට වෙනත් ප්ර‘වේශ මාර්ගයක් සැකසීමට සැලසුම් සකස් කර ඇති බවද ප්රාදේශිය ලේකම්වරයා පැවසීය.