(Update) බෙන්තර මුහුදේ දිය නෑමට ගොස් අතුරු දහන්වූ සිසුවාගේ සිරුර සොයාගැනීමට හැකිවූ බව බෙන්තර පොලීසිය පවසයි.
ගාල්ල නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායමක් විසින් සිදුකළ මෙහෙයුමකින් පසු මෙම සිරුර හමුවූ බව බෙන්තර පොලීසිය වැඩිදුරටත් සඳහන් කරන ලදී.
බෙන්තර ප්රදේශය ආශ්රිත මුහුදේ දිය නෑම සඳහා ගිය දර්ගා නගරයේ පාසල් සිසුන් තිදෙනෙකුගෙන්එක් අයෙකු අද (01 දා) සැඩ රළපහරකට හසුවීමෙන් අතුරුදන්ව ඇතැයි බෙන්තර පොලීසිය සඳහන් කරයි.
මෙම සිසුන් තිදෙනාගෙන් දෙදෙනෙකු බේරාගැනීමට ප්රදේශවාසීන්ට හැකිවී ඇති අතර, ඔවුන් මේ වනවිට බෙන්තර හා බලපිටිය රෝහල්වල ප්රතිකාර ලබන බව පොලීසිය පවසයි.
අතුරුදන් වූ සිසුවා සොයාගැනීමේ මෙහෙයුම් මේ වනවිටත් ක්රියාත්මක වන බවද බෙන්තර පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
අලුත්ගම - තුසිත කුමාර ද සිල්වා