යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන වගකීමක් වන්නේ සැමට නීතිය හා යුක්තිය සාධාරණ ලෙස ඉටුකිරීම බවත්, එක් එක් කල්ලි කණ්ඩායම්වල හා දේශපාලන බෙදුම්වාදීන්ගේ සිතැඟි පරිදි නීතිය ඉටුකිරීම නොවන බවත් ජාතික හෙළ උරුමය පවසයි.
දරුණු අපරාධ සිදුකළ බවට සිරගත කරන ලද එල්.ටී.ටී.ඊ. සැකකරුවන්ට පොදු සමාව ලබාදීම කිසිලෙසකින් හෝ අනුමත කළ නොහැකි බවද ජාතික හෙළ උරුමය සඳහන් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් එහි මාධ්‍ය ලේකම් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පවසන්නේ සිරගත කරන ලද ත්‍රස්තවාදී සැකකරුවන්ට එරෙහිව වහාම අධිකරණයට කරුණු ඉදිරිපත් කර රටේ පවතින නීතිය අනුව ක්‍රියා කළ යුතු බවයි.
එය නීතිපතිවරයා සතු රාජකාරිමය වගකීමක් වන අතර, එය වහා ඉටුවනු දැකීම ජනතා අපේක්ෂාව බවද ජාතික හෙළ උරුමය ප්‍රකාශ කරයි.
අවසන් තත්ත්පරය දක්වාම හමුදාව සමග සටන් කර පරාජය හමුවේ භාරවූ ත්රස්තවාදීන්ගේ ජීවිතවලට හානියක් නොකර ඔවුන් පුනරුත්ථාපනය කර පොදු සමාව ලබාදී සමාජගත කළද කිසිදු දඬුවමක් ඔවුන්ට ලබානොදීම වරදක් බව දරුස්මාන් වාර්තාවේද සඳහන් වන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.