ඇමෙරිකාව බෙදුණ කාලය අවශයන් බවත් සෑම දෙනාටම එකට එකතු වී වැඩ කිරිමට කාලය පැමිණ ඇති බව ලෝකයේ නව බලවතා වශයෙන් පත්වූ ඇමෙරිකානු නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ජනපතිවරණය ජයග්‍රහණය කිරීමෙන පසුව සිය පළමු කතාව කරමින් ට්‍රම්ප් මේ බව පැවැසීය. ඇමෙරිකාව ලස්සන රටක් බවට පත්කිරිමට එක්වෙන ලෙස ඔහු ආරාධනා කළේය.
බෙදී වෙන්වී කටයුතු කළ කාලය අවසන් බවත් ලෝකයේ ශ්‍රේෂ්ඨ රටක් ලෙස ඇමෙරිකාව පත්කිරීමට සියලු ඇමෙරිකානුවන් එකට එක්ව සේවය කළ යුතු බවත් නව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇරෙමිකානු මැතිවරණ ප්‍රතිපල නිකුත් වීමෙන් අනතුරුව පැවැසීය.
යටිතල පහසුකම් සංවර්ධනය කරමින්, ලෝකයේ සෑම රටක් සමගම සමානව කටයුතු කිරීමින් ලෝකයේ කිසිම රටකට නොදෙවෙනි ලෙස ඇමෙරිකාව නැවත නිර්මානය කරන බවද නව ඇමෙරිකානු ජනපතිවරයා සිය ප්‍රථම කතාවෙන් පැවැසීය.
"ඇමෙරිකානුවන්ට දැන් බෙදීමේ තුවාලය අවසන් කරන්න කාලය ඇවිල්ලා. එකට එක් වෙන්න සිදුවෙනවා. හැම රිපබ්ලිකයන්ටම මෙන්ම ඩිමොක්රටිකයන්ටම හා ස්වීධීන පුද්ගලයන්ට මම කියන්නේ දැන් එකසත් ජාතියක් ලෙස එකට එකතු වෙන්න කාලය ඇවිල්ලා.අපේ මැතිවරණ ව්‍යාපාරයත් සමග එක්ව සිටි සෑම ආගමකම, ජාතියකම මෙන්ම විවිධ පිරිසරයන්ගෙන් සමන්විත වූ පුද්ගයන්ගේ අවශ්‍යතාව වුණේ රජයකින් ඔවුන්ට සේවය ලබා ගැනීමයි.
ඒ වගේම රජයෙන් ජනතාවට ඒ සේවය ලබාදෙනවා.අපි අපේ මුල් නගර ප්රතිශ්ඨාපනය කිරීමට, මහා මාර්ග, පාලම්, උමං, ගුවන් තොටුපොළවල්, පාසල් හා රෝහල් නැවත අලුත් කිරිමට සිදුවෙනවා. අපි අපේ යටිතල පහසුකම් නැවත ගොඩ නැගීමට සිදුවෙනවා. කිසිවෙකුටත් නොදෙවෙනි අයුරින් එය සිදුකරනවා. අපේ මිලියන ගණනක ජනතාව ඒ වෙනුවෙන් යොදා ගන්නවා. මේ මාස 18ක ගමනේදී අප වෙනුවෙන් සහාය දැක්වූ සියලුම ජ්‍යෙෂ්ඨයින් අපි රැක බලා ගත යුතු වෙනවා. ඔවුන් එක්ක මා ගතකළ පැය කිහිපය මාගේ ජීවිතයේ වඩාත් ගෞරවනීයම පැය කිහිපයක් වුණා.ඇමෙරිකාව වෙනුවෙන් සිය ප්‍රථම කැමත්ත තියෙන ලෝක ප්‍රජාවට මම කියන්නේ අපි සෑම කෙනෙක් සමගම සමානව කටයුතු කරනවා. සෑම මිනිසෙක්ම, සෑම ජතියක් දෙසම අපි බලන්නේ සමානව, එදිරිවාදිකමක් නෑ, ගැටුමක් නෑ."