බෙංගාල බොක්ක ප්‍රදේශයේ සහ පැසිෆික් සාගර කලාපයේ ඇති වී තිබෙන අඩුපීඩන තත්ත්වය නිසා අද (10දා) දිනයේදී ලංකාවේ බොහෝ ස්ථානවලට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මීට අමතරව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වල සහ ගාල්ල, මාතර, වවුනියාව, මුලතිව් දිස්ත්‍රික්කවල සමහර ස්ථානවලට මිලිමීටර් 75 - 100 අතර තද වැසි ඇතිවිය හැකි බවද කාර්යයේ නියුක්ත කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් මහතා සඳහන් කළේය.
මීට අමතරව ගාල්ල, මාතර, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලට මේ මස 17 වැනිදා දක්වා වැසි ඇති විය හැකි බවද පවසා සිටියේය.
ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල සුළඟේ වේගය තාවකාලිකව ඉහළ යා හැකි බවත්, අකුණු අනතුරු වළක්වාගැනීමට ජනතාව කටයුතු කළ යුතු බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටියි.