ඉදිරි දිනවලදී දිවයිනට නැගෙනහිර දෙසින් බෙංගාල බොක්ක ප්‍රදේශයේ පහළ වායුගෝලීය කැළඹිලි ස්වාභාවයක් ඇතිවිමේ හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයකින් කියයි.
අද පස්වරු 1.30ට නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ එසේවුවහොත් දිවයිනේ නිරත දිග කොටසේ වැසි තත්ත්වය තවදුරටත් එනම් 12 දා තෙක් පවතිනු ඇති බවයි.
මේ පිළිබඳව සිය දෙපාර්තමේන්තුව අවානයෙන් සිටින බවත් දෙපාර්තමේන්තුව නිකුත් කරන නිවේදන පිළිබඳව සැළකිලිමත් වෙන ලෙසත් ඔවුන් වැඩිදුරටත් පවසයි.