බුදුරුව සහිත සාරිය ගැන පරීක්ෂණයක්
හැටන් නගරයේ රාජ්‍ය මූල්‍ය ආයතනයක තාවකාලිකව සේවය කරන කාන්තාවක බුදුරුව සහිත සාරියක් පැලඳ සිටීම සම්බන්ධයෙන් හැටන් පොලීසියට අද (08දා) ලද තොරතුරක් මත හැටන් පොලිසිය විසින් එම සාරිය පොලිස් භාරයට ගෙන ඇත.
කොළ පාට සාරියේ බෝඩරය වටා බුදු සිරස මුද්‍රණය කර තිබු අතර, එම සාරියෙන් කපාගත් කොටසකින් එම කාන්තාව හැට්ටයක්ද මසා පැලද සිට තිබේ
විශ්වවිද්‍යාල ප්‍රවේශ ලබා සිටින එම කාන්තාව විශ්වවිද්‍යාලයට ඇතුළත් වන තෙක් තාවකාලිකව රාජ්‍ය මූල්‍ය ආයතනයේ සේවය කරන අතර, ඇය විසින් හැටන් නගරයේ රෙදි පිලි අලෙවි කරන වෙළෙඳ සැලකින් ඊයේ (07දා) පස්වරුවේ මෙම සාරිය රුපියල් 1500 කට මිලදී ගෙන ඇති බව පරීක්ෂණවලදී අනාවරණය විය.
එම රෙදි පිළි වෙළෙඳ සැලද පොලීසිය විසින් පරීක්ෂා කළ අතර එහිදි මෙවැනි මුදුණ සහිත වෙනත් සාරි තොග අලෙවි කිරීමට නොතිබුණු අතර, මෙම සාරි ඉන්දියාවෙන් ආනයනය කළ බව එහි හිමිකරු පොලීසියට පවසා තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම කාන්තාවගෙන්ද වෙළෙඳ සැල් හිමියාගෙන්ද පොලීසිය විසින් ප්‍රකාශ ලබාගෙන බුදුරුවට සමාන මුද්‍රණය කර තිබු සාරිය පොලිස් භාරයට ගෙන ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කර නීතිපති උපදෙස් අනුව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.




