බුදුපිළිම විනාශ කරන්නට දායක වුවහොත් ජීවිතයම අවුල් වන බවත්, එය තලෙයිබාන් ත්රස්තවාදීන්ගෙන් මනාව පිළිඹිබු වන බවත් රාවණා බලය සංවිධානයේ මහලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ පැවසූහ.
එබැවින් බුදුපිළිමවලට අත තබන්නට නොසිතන ලෙස අන්තවාදී ත්‍රස්ත කණ්ඩායම්වලට තමන් ප්‍රකාශ කර සිටින බවද උන්වහන්සේ පැවසූහ.
ISIS ඉස්ලාමීය ත්රස්තවාදීන්ට ඉන්දුනීසියාවේ බොරෝ බුදූර් විහාරස්ථානය විනාශ කිරීමට ඉඩනොදෙන ලෙස ඉල්ලමින් ඉන්දුනීසියානු තානාපති කාර්යාලයට සංදේශයක් භාරදෙමින් අද (03දා) ඉන්දුනීසියානු තානාපති කාර්යාලය ඉදිරිපිටදී උන්වහන්සේ මේ අදහස් දැක්වූහ.
.jpg)
ඡායාරූප - ශමීර රාජපක්ෂ