ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී කිසිලෙසකින් බුදුදහමට හිමි ප්‍රමුඛස්ථානය වෙනස් නොකරන බවත්, එමෙන්ම අනෙකුත් ආගම්හි නිසි භාවිතය වෙනුවෙන් වූ නිදහස ලබාදෙන බවත් විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ, කොළඹ ආනන්ද විද්‍යාලයේ පැවැති උත්සවයකදීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මේදිනවල විවිධ දේශපාලඥයන් විවිධ දේ පවසන බවත්, දේශපාලන වාසි ලබාගැනීමට පවසන එවැනි කථා විශ්වාස නොකරන ලෙසද අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.