වර්තමානයේදී සිදුවන දෑ පිළිබඳව ඉතා බුද්ධිමත්ව හා කල්පනාකාරී ලෙස බලා ප්‍රචණ්ඩකාරී සිදුවීම් වලින් වැළකී සිටින්නැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා රටේ සියලුම ජන කොටස්වලට අයත් ජනතාවගෙන් ඉල්ලා සිටියි.
එසේම ශ්‍රී ලංකාවේ පළමු නිදහස් අණ්ඩුවට සමානව සිංහල, දෙමළ හා මුස්ලිම් නායකයන් සහයෝගයෙන් කටයුතු කරන ජාතිකවාදී සන්ධානයක් නැවත මේ රට තුළ ගොඩනැගීමේ අවශ්‍යතාවයක් ඇතිව බවත් ඔහු පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරන හිටපු ජනපතිවරයා වැඩිදුරටත් පවසන්නේ මේ සිදුවීම් පිළිබදව සිංහල, දෙමළ හා මුස්ලිම් පුද්ගලයන් හා සංවිධාන සමඟ ඉදිරියේදී සංවාදයක් ඇතිකර ගැනීමට තමන් අදහස් කරගෙන සිටින බවයි.