එංගලන්තයේ ජාතික සෞඛ්‍ය සේවාවට අනුයුක්තව වසර 30කට ආසන්න කාලයක්සේවය කළ ශ්‍රී ලංකා ජාතික මනෝවෛද්‍යවරයෙකු වන බුද්ධදාස බෝධිනායක මහතා ලන්ඩනයේදී අභාවප්‍රාප්ත විය.
දකුණුලක බෙන්තොටදී උපත ලද බෝධිනායක මහතා 1969 වසරේදී කොළඹ වෛද්‍ය පීඨයෙන් සිය ප්‍රථම උපාධිය සම්පූර්ණ කර තිබේ.
ඔහු 1975 හා 1980 දශකවල යුනෙස්කෝවේ ප්‍රකාශන සඳහා ලිපි ලියූ අතර, විද්‍යාත්මක සාහිත්‍ය සඳහා වූ රාජ්‍ය උපදේශක මණ්ඩලයේ සභාපතිවරයා ලෙසද කටයුතු කළේය. එමෙන්ම ඔහු ශ්‍රී ලංකා පාඨකයන් අතරට විද්‍යාත්මක ලිපි සිංහල මාධ්‍යයට ගෙනඒමටද පුරෝගාමී මෙහෙවරක් කළ අයෙකි.
1966 වසරේදී විද්‍යාත්මක ලිවීම පිළිබඳ යුනෙස්කෝ සම්මානයෙන්ද පිදුම් ලැබූ බෝධිනායක මහතා එම සම්මානය හිමිකරගත් ළාබාලතම ආසියාතිකයා බවටද පත්විය.
යුනෙස්කෝව ප්‍රථමවරට පැවැත්වූ සෞඛ්‍ය සඳහා ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේ සභාපතිවරයා වශයෙන්ද ඔහු කටයුතු කළේය.
1975 වසරේ එංගලන්තයේ ජාතික සෞඛ්‍ය සේවය සමග එක්වූ දොස්තර බෝධිනායක මහතා එංගලන්තයේ රාජකීය නිදහස් යුනිවර්සිටි කොලීජයෙන් පුහුණුවීම් ලැබීය.
1980 වසරේ මුල් භාගයේදී මනෝචිකිත්සක උපදේශකයෙකු ලෙස පත්වීම් ලැබූ බෝධිනායක මහතා 1985 වසරේදී රාජකීය නිදහස් යුනිවර්සිටි කොලීජියේ සේවයට එක්විය. රාජකීය කොලීජියේ වසර 12ක සේවා කාලය තුළ පශ්චාත් උපාධිධාරීන් 120 දෙනෙකු පමණ ඔහුගෙන් ගුරුහරුකම් ලබා තිබේ.
එංගලන්තයේ ප්රමුඛ පෙළේ ජර්නලයක් වන British Journal of Hospital Medicine හි කර්තෘ මණ්ඩලය නියෝජනය කළ එකම ශ්‍රී ලාංකිකයා වන්නේද බෝධිනායක මහතායි. ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන 14 වැනිදා ලන්ඩනයේදී සිදුකිරීමට නියමිතය.
ඔහු විද්‍යා ලේඛකයෙකු හා ග්රන්ථ කතුවරයෙකු වන ධනසිරි බෝධිනායක මහතාගේ සොයොයුරාද වෙයි.