බුද්ධගයා අනුරුවක් ලංකාවේ
- 5 03 2015
- 21:50
- {{hitsCtrl.values.hits}} views
- . .
ෙරත්නපුර, රත්ගඟ පුංචි දඹදිව අසූ මහා ශ්‍රාවක බුදුරාජ මහා විහාරයේ අභිනවයෙන් ඉදිකළ බුද්ධගයා අනු රූ විහාර මන්දිරය විවෘත කිරීම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05දා) පෙරවරුවේ පැවැත්විණි.
පෙරවරුවේ විහාරස්ථානය වෙත ගිය ජනපතිවරයා විහාර මන්දිරය සහ, බෝධින් වහන්සේ අභියස ආගමික වතාවත්වල නිරතවූ අතර අනතුරුව විහාරස්ථානයේ සමන් දේවාලය වෙතද ගොස් ආශිර්වාද ලබා ගත්තේය.
ඉන් අනතුරුව අභිනව විහාර මන්දිරය විවෘත කරමින් එහි ප්‍රථම මල් පූජාව සිදු කළේය.
ජනාධිපතිතුමාගේ පැමිණීම සනිටුහන් කරමින් විහාර පරිශ්‍රයේ අඹ පැලයක් රෝපණය කිරීමද සිදුවිය.
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය දවුල්දෙණ ඥානීස්සර නායක හිමිපාණන් වහන්සේ, පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස අනුනායක හිමිපාණන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නයද මෙම අවස්ථාවට වැඩම කර සිටී අතර අමාත්‍යවරුන් කරු ජයසුරිය, විජයදාස රාජපක්ෂ, තලතා අතුකෝරළ යන මහත්ම මහත්මීන්ද ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

