බීමත් රියදුරන් පරීක්ෂා කිරීමට අවශ්‍ය පරීක්ෂණ නළ ලක්ෂයක් සියලුම පොලිස් ස්ථාන වෙත කඩිනමින් ලබාදීමට පොලිස් මූලස්ථානය සැලසුම් කර තිබේ.
උත්සව සමයේදී බීමත්ව රිය පදවන පිරිස් ඉහළ යන නිසා ඔවුන්ව අත්අඩංගුවට ගෙන අධිකරණවලට ඉදිරිපත් කිරීමට පොලීසිය සැලසුම් කර ඇත.
මේ සඳහා අවශ්‍ය වන පරීක්ෂණ නළ හිඟයකින් තොරව භාවිතා කිරීම සඳහා පරීක්ෂණ නළ බෙදාදීමට සැලසුම් කර තිබේ.