උත්සව සමය නිමිති කරගෙන පොලීසිය ක්රියාත්මක කරන විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළ යටතේ හෙට (23දා) උදේ 6.00 සිට ජනවාරි 03 වැනි දින දක්වා කාලය තුළ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් ආරම්භ කරන බව පොලීසි මූලස්ථානය සඳහන් කරයි.
මෙහෙයුමේදී අත්අඩංගුවට ගන්නා සියලුම බීමත් රියදුරන් අදාළ ප්ර‘දේශයේ අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙන අතර, එහිදී රිය බලපත්රය තාවකාලිකව අවලංගු කරන ලෙසට අධිකරණවලින් ඉල්ලා සිටීමත් සැලසුම් කර තිබේ.
රට පුරා පිහිටි පොලිස් ස්ථාන මූලික කරගනිමින් මෙම මෙහෙයුම් සිදුකිරීමට සැලසුම් කර තිබෙන අතර, මේ අනුව බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා රියදුරන් දැඩි පරීක්ෂාවට ලක්කිරීමටත් පොලීසිය සැලසුම් කර ඇත.