මෝදර ප්රදේශයේ කාන්තාවක් සිය දින 08ක් වයස පිරිමි බිළිඳු දරුවෙකු රුපියල් 50000කට විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භකර තිබෙන බව පොලීසිය කියයි.
සැකකාර කාන්තාව පසුගිය 24දා රාගම රෝහලේදී පිරිමි දරුවෙකු ප්රසූත කර ඇති බවත් ඇයගේ කැමැත්ත මත මෝදර ප්රදේශයේ තවත් කාන්තාවන් දෙදෙනෙකු දරුවා උස්වැටකෙයියාව ප්රදේශයේ විවාහක යුවළකට අලෙවිකර තිබෙන බවත් පොලීසිය කියයි.
මෝදර පොලීසිය මගින් බිළිදාගේ මව,පියා සහ මුදල් දී දරුවා ලබාගත් විවාහක යුවළ සහ විකිණීමට සහය දුන් කාන්තාවන් දෙදෙනාද අත්අඩංගුවට ගෙන තිබෙන බවත් පොලීසිය වැඩිදුරටත් කියයි.