ගොකරැල්ල පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් කොස්තාපල්වරයෙක් සිය රාජකාරී රිවෝල්වරයෙන් වෙඩි තබාගෙන ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
අද සවස මෙසේ සිය දිවි හානිකරගෙන ඇත්තේ අවුරුදු 48ක් වන කේ.ජී. විමලරත්න නම් පුද්ගලයෙකි.
මීට වසර දෙකකට පමණ පෙර සිදුවූ රිය අනතුරකින් ඔහුගේ බිරිද ඔත්පලව සිට ඇති අතර අද සවස ඔහුගේ බිරිඳ මියගොස් තිබේ. එම පණිවිඩය මෙම නිලධාරියාට ලැබීමත් සමග ඔහු මෙලෙස වෙඩි තබාගෙන ඇත.
මියගිය පුද්ගලයා දරු තිදෙනෙකුගේ පියෙකි.