ඉකුත් ජනාධිපතිවරණය පැවැති සමයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සතුව තිබූ ව්‍යාජ ගිවිසුමක් පෙන්වා ජනතාව බියවැද්ද වූ ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලුදෙනා අත්අඩංගුවට ගත යුතු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.
එම ගිවිසුමේ සඳහන් කරුණු උපුටා දක්වමින් උතුරු නැගෙනහිර ප්‍රදේශවල ප්‍රහාර එල්ල වන බවට අසත්‍ය ප්‍රචාර පැතිරවීමට මෙම පිරිස් කටයුතු කර තිබූ බව හෙතෙම පැවසුවේය.
රාජ්‍ය මාධ්‍ය ආයතනවලට පැමිණ මෙම පුද්ගලයන් ගිවිසුම් ගැන පැහැදිලි කිරීම් සිදුකළ බවත්, ජනාධිපතිවරණය අවසන් වූ පසුව මේ දක්වා කිසිදු රාජ්‍ය මාධ්‍ය ආයතනයකට තමා නොගිය බවත්, ජනාධිපතිවරණය සමයේදී එම ආයතන හැසිරුණු ආකාරය දෙස බැලීමේදී ඒවාට සහභාගිවීමට උත්සාහ නොගත් බවත් ඔහු සඳහන් කළේය.