විදුලි උප පොළ දෙකක් බිඳ වැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට දිවයිනට පැමිණි ජර්මානු විශේෂයින් දෙදෙනා සමග විශේෂ සාකච්ඡාවක් පවත්වන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
ඊයේ බියගම විදුලි උප පොළ සහ අද කොටුගොඩ විදුලි උප පොළ පරීක්ෂාවට ලක් කර ඇති බව ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි එම්.සී. වික්‍රමසූරිය මහතා පැවසුවේය.
එම ජර්මානු විශේෂයින් දෙදෙනා, ඒ සම්බන්ධයෙන් වාර්ථාවක් ලබා දීමට නියමිත බවත්, ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කළේ ය.