බියගම, මාවරමණ්ඩිය බහුකාර්ය ගොඩනැගිල්ල විවෘත කිරීමට තිබූ අවස්ථාවේදී නොසන්සුන් කාරී තතත්වයක් ඇතිකළ පිරිසට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව රජය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගේ ප්‍රධානත්වයෙන් ගොඩනැගිල්ල විවෘත කිරීමට තිබුණත් බියගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ඇතුළු පිරිසක් ඊට පෙරාතුව ගොඩනැගිල්ල විවෘත කරන ලදී.
ඒ අනුව පොදු දේපළ විනාශ කිරීම, අයුතු ජන රාශිය, රජයේ නිලධාරීන්ගේ රාජකාරීයට බාධා කිරීම යන චෝදනා යටතේ ඔවුන් එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක වෙයි.