සංහිඳියාව ඇති කිරීමට සහ සාමය ස්ථාපිත කිරීමට රජය කටයුතු කළ අයුරු සහ බිම්මට්ටමේ ප්‍රගතිය පිළිබඳව මෙවර මාර්තු මාසයේ ජීනිවාහි මානව හිමිකම් කොමිසමේදී කරුණු දැක්වීමට සූදානම් බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.
මානව හිමිකම් කොමිසම බලාපොරොත්තු වන්නේ එවැනි කරුණු බවත්, ඒ වෙනුවෙන් අවශ්‍යතරම් කරුණු දැක්වීමට රජයට හැකිබවත් අමාත්‍යවරයා පැවසුවේ ඊයේ (02දා) ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍යහමුවකදීය.
එමෙන්ම වත්මන් ආණ්ඩුව ප්‍රධාන පක්ෂ දෙකක එකතුවක් බැවින් මානව හිමිකම් සම්බන්ධයෙන් රජයේ සියල්ලන් එක්ව සාකච්ඡාකර එක් මතයකට පැමිණ ප්‍රකාශ සිදුකිරීම යහපත් බවද මහින්ද සමරසිංහ අමාත්‍යවරයා පෙන්වාදුන්නේය.
රජය නියෝජනය කරන එක් පිරිසක් එක් මතයක් පවසන විට අනිකුත් පාර්ශ්ව තවත් මතයක් ඉදිරිපත්කරනවා නම් එය අන්තර්ජාතික වශයෙන්ද සුදුසු නොවන බවත්, සංහිඳියාව ඇතිකිරීමට වත්මන් ආණ්ඩුව උපරිම වශයෙන් කැපවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදය නිමාකළා සේම නැවත එවැනි ත්රස්තවාදයක් මෙරට ඇති නොවීමට අවශ්‍ය කටයුතු කිරීමද පාලකයන්ගේ වගකීම බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.