ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී බිමල් රත්නායක මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණෙන බව ජනතා විමුක්ති පෙරමුණේ මහ ලේකම් ටිල්වින් සිල්වා මහතා කියයි.
පක්ෂයේ ජාතිකධුර මන්ත්රී එස්. මායාදුන්නේ මහතා ඊයේ (03දා) පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්විය.
ඔහුගෙන් හිස්වූ අසුන සඳහා බිමල් රත්නායක මහතා පත්කොට තිබේ. බිමල් රත්නායක මහතා මෙවර මහ මැතිවරණයට ගම්පහින් තරග කර පරාජයට පත්විය.