බිබිල නිල්ගල ඖෂධීය වනයේ අද (21 දා) දහවල් සිදුකළ මෙහෙයුමකදී ගල් තලාවක තිබී මුව මස් කිලෝ පහළොවක් සහ කබල්ලෑ පොතු කිලෝ පහක් සමග දේශීය නිෂ්පාදිත ගිනිඅවි දෙකක් අත්අඩංගුවට ගත් බව වනජීවී නිලධාරීහු සඳහන් කරති.
වනජීවී නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත කළ වැටලීමකදී ගල් තලාවක සතුන් මස්කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු වනජීවී නිලධාරීන් දැක කබල්ලෑ මස් රැගෙන පලාගොස් තිබේ.
පැනගිය දඩයක්කරුවන් දෙදෙනා හඳුනාගෙන තිබෙන බවත් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් ඔවුහු වැඩිදුරටත් සඳහන් කළහ.