ගොවීන් විසින්ම තම බිත්තර වී අවශ්‍යතාව නිෂ්පාදනය කර සපුරාගැනීමේ ක්‍රමවේදයක් ඇති කිරීමපිණිස වී වගා කරන දිස්ත්‍රික්කවල ගොවීන් 180,000කට අවශ්‍ය පහසුකම් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.
උසස් ලියාපදිංචි බිත්තර වී ලබාගෙන ගොවීන් විසින්ම තමන්ට අවශ්‍ය බිත්තර වී නිෂ්පාදනය කරගැනීම මගින් ඔවුන්ට අවශ්‍ය බීජ වීවලගුණාත්මකභාවය වැඩි කරගත හැකි අතර, ඒ සඳහා අඩු පිරිවැය ක්‍රමයක් ලෙස පැරෂුට් තැටි යොදාගනිමින් බීජ වී නිෂ්පාදනය කිරීම අමාත්‍යාංශය හරහා හඳුන්වා දී ඇත.
එමගින් වී කිලෝ එකකින් වී බිත්තර වී කිලෝග්‍රෑම් 100ක් පහසුවෙන් නිපදවාගත හැකියැයි ඇස්තමේන්තු කර ඇති අතර, එම ප්‍රමාණය ඊළඟ කන්නයේ අක්කර 2 1/2ක ප්‍රමාණයක් වගා කිරීමට ප්‍රමාණවත් වනු ඇති බවටද ගණන්බලා තිබේ.
සාම්ප්‍රදායික ක්‍රමයට සාපේක්ෂව පැරෂුට් ක්‍රමය නමින් හැඳින්වෙන නව ක්‍රමය යොදා ගනිමින් වී වගාව සිදු කිරීමේදී බිත්තර වී අවශ්‍යතාව 75෴කින් අඩු කරගත හැකි වන අතර, මෙම ක්‍රමයට වගා කිරීම මගින් වල් පැළෑටි මර්දනය සඳහා කෘෂි රසායන භාවිතයද අවම කළ හැකිවන බව අමාත්‍යාංශයේ අදහස වේ.එමෙන්ම පැළ සිටුවීම සඳහා අවශ්‍ය වන ශ්‍රමයද 90%කින් පමණ අඩු කරගැනීමට හැකිවනු ඇතැයිද සැලකේ.