සුහදතාවය වර්ධනය කිරීම සඳහා ආරම්භ කළ බිග්මැච් තරග මේ වන විට දුරාචාරය පතුරවන දෙයක් බවට පත්වී තිබෙන බව සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ මහානායක ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමි ප්රමුඛ මහා සංඝරත්න අවධාරණය කළහ.
ක්‍රීඩාවක් පවත්වන්නේ නායකත්වය, ඉවසීම, ජයපරාජය දරාගැනීම ප්‍රගුණ කිරීමට වුවත් මේ වන විට පාසල් බිග්මැච්වලට මත්ද්‍රව්‍ය, මත්පැන් පැමිණ තිබීම නිසා එම අරමුණ වෙනස් වී තිබෙන බවද මහා සංඝරත්නය සඳහන්කර සිටියහ. මේ නිසා මේ පිළිබඳව වගකිවයුත්තන්ගේ අවධානය යොමුකළ යුතු බවද අද (20දා) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.