රිය අනතුරක් සම්බන්ධයෙන් බිංගිරිය පොලීසියට එරෙහිව විරෝධතාවක් පැවැත්වූ පුද්ගලයන් 8 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
විරෝධතාකරුවන් පොලීසියට පහරදීමත් පොලිස් දේපළ වලට හානි කිරීමත් හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
පිරිස පාලනය කිරිමට කඳුළු ගෑස් ප්රහාරයක්ද පොලීසිය එල්ල කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් විශේෂ පරීක්ෂණයක්ද ආරම්භ කර තිබේ.
පසුගිය 05 වැනිදා සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන රක්ෂිත් බන්ධනාගාර ගත කර ඇත.