එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ධුරයෙන් නික්ම යන බෑන් කී මූන් මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඊයේ (22දා) පස්වරුවේ දුරකථන ඇමතුමක් ලබාදී තිබේ.
සිය ධුරයෙන් නික්ම යෑමට මත්තෙන් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඇමතූ බෑන් කී මූන් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව සමාජ, ආර්ථික, දේශලපාලන සියලු ක්ෂේත්‍ර‘යන් තුළ ලබා ඇති ප්‍රගතිය ඇගයීමට ලක්කර තිබේ.
එමෙන් සංහිඳියා පිළිවෙත වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කැපවීම ඉතා ප්‍රශංසනීය බවද ඔහු සඳහන් කර ඇත.
එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ලෙස කටයුතු කළ සිය ධුර කාලය තුළ ශ්‍රී ලංකාව නව ගමන් මගකට ගෙන ඒමට මෛත්‍රීපාල සිරිසේන මහතා කළ කැපවීම අගය කළ මහලේකම්වරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව ඉදිරියේදී තවත් ජයග්‍රහණ රැසක් අත්කර ගනු ඇති බව සඳහන් කළේ යැයිද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා ලෙස බෑන් කී මූන් මහතා නිරන්තරයෙන් ශ්‍රී ලංකාවට ලබාදුන් සහාය මෙහිදී අගය කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,ඔහු වෙත සිය සුභාශිංසනද පිරිනමා ඇත.