දිවිනැඟුම සහනාධාරලාභීන්ට සෙවිලි තහඩු බේදා දීමේදී දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තු මුදලින් රුපියල් කෝටි 3කට ආසන්න මුදලක් සාපරාධි සාවද්‍ය පරිහරණය කළ බවට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමෙන්තුවේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් ආර්.ඒ.පී. රණවක මහතා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනාට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය ලබන නොවැම්බර් මාසයට කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා අද (06දා) නියම කළේය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියොජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්කිකරුවන් දෙදෙනෙකුට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් සිතාසි නිකුත් කිරීමටද නියම කළේය.
පසුගිය ජනාධිපතිවරයට ආසන්න සමය වන 2015 නොවැම්බර් මාසයේදී දිවිනැඟුම සහනාධාරලාභීන්ට සෙවිලි තහඩු බේදා දීමේදී දිවිනැඟුම සංවර්ධන දෙපාර්තුමේන්තු මුදලින් රුපියල් මිලියන 29.91ක මුදලක් සාපරාධි සාවද්‍ය පරිහරණය කිරීම සහ රජයේ මුදල් අවභාවිතා කළ බවට විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි.