දිවිනැගුම දෙපාර්තමේන්තුවේ මුදලින් ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කොට රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් සිදු කළ බවට චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ දිවිනැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජනරාල්වරයාට එරෙහි නඩුව ලබන නොවැම්බර් 13 දා සිට දිනපතා විභාග කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (15දා ) නියම කළේය.
පසුගිය ජනාධිපතිවරණ සමයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව ඇතුළත් කොට මෙම ලිත් මුද්‍රණය කර ඇති බවට චෝදනා ගොනු කොට ඇත.
මෙම නඩුවේ සාක්කිකරුවන්ට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කළ විනිසුරුවරයා ඔවුන්ට ඒ බව දැනුම් දෙමින් සිතාසිද නිකුත් කළේය.
මීට පෙර අවස්ථාවකදී මෙම නඩුව සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහි අධිචෝදනා පත්‍ර බාරදුන් විනිසුරුවරයා විත්තිකරුවෙකු රුපියල් ලක්ෂය බැගින් මුදල් හා රුපියල් ලක්ෂ 05 බැගින් වටිනා ශරීර ඇප මත මුදා හරින ලදී.