බැසිල්ට අයත් බව කී ඉඩම වෙන්දේසී කිරීම නවතයි
- 20 03 2017
- 18:32
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතාට අයත්ව තිබූ යැයි කියමින් අධිකරණ ක්‍රියාමාර්ග ගනු ලැබූ මල්වාන ඉඩම වෙන්දේසි කිරීම තාවකාලිකව අත්හිටුවීමට පූගොඩ මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අද (20දා) නියෝග කළාය.
එම ඉඩම හා දේපොළ රජයට පවරාගෙන මහජන සුබසිද්ධිය උදෙසා යොදාගැනීමට කැබිනට් මණ්ඩලය කටයුතු කරමින් සිටින බව නීතිපතිවරයා විසින් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට දැනුම්දී ඇති හෙයින් මෙම නියෝගය නිකුත් කර ඇත.
මෙම ඉඩම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිස මෙය තමන්ට අයත් නොවන බව පැවසූ හෙයින් එය ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට මීට පෙර අධිකරණය නියෝග කර තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.