හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමට නියමිත විනිසුරු මඬුල්ලෙන් ඉවත්ව සිටීමට විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය තීරණය කළ ඇති බව වාර්තා වේ.
තමන් රක්ෂිත බන්ධනාගාරයෙන් මුදාහරින ලෙස කඩුවෙල මහේස්ත්රාත්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා බැසිල් රාජපක්ෂ මහතා ගොනුකර ඇති මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම හෙට දිනයේ (27දා) සිදුකිරීමට නියමිතය.
දෛනික කාලසටහන අනුව මැයි මස (27දා)ට නියමිත විනිසුරු මඬුල්ල ලෙසට අගවිනිසුරු කේ.ශ්‍රී පවන්, විනිසුරු ඊවා වනසුන්දර සහ විනිසුරු රෝහිණී මාරසිංහ යන විනිසුරුවරුන් හමුවේ හිටපු අමාත්‍යවරයා ගොනුකර තිබූ පෙත්සම කැඳවීමට නියමිතය.
එහෙත් එම පෙත්සම කැඳවන අවස්ථාවේ විනිසුරු මඬුල්ලෙන් ඉවත්ව සිටීමට විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය තීරණය කොට ඇති අතර, ඒ වෙනුවට විනිසුරු ප්රියසාත් ඩෙප් මහතා මේ වනවිට නම් කොට ඇත.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය නිහාල් ජයතිලක, දිවිනැගුම අරමුදලේ අධ්‍යක්ෂක ජෙනරාල් කිත්සිරි රණවක සහ දිවිනැගුම කලාපීය අධ්යක්ෂ බන්ධුල තිලකසිරි යන අය ගොනුකළ පෙත්සම්ද මෙදිනම කැඳවීමට නියමිතය.
එම පෙත්සම් අගවිනිසුරු කේ. ශ්‍රී පවන්, විනිසුරු ඊවා වනසුන්ද සහ විනිසුරු රෝහිණී මාරසිංහ යන විනිසුරු මඬුල්ල හමුවේ කැඳවීමට නියමිතය.