ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ උතුරු පළාත තුළ නිල වශයෙන්ස්ථාපිත කිරීමේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන අද(29දා) දින යාපනයේදී ආරම්භ කරන බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න මහතා පැවසීය.
ජාතික දේශපාලන පක්ෂ උතුරේ ජනතාව දිනාගැනීම සඳහා එම පළාත නියෝජනය කරන දේශපාලන පක්ෂ සමග සම්බන්ධ වීමේ ගතානුගතික ක්‍රමවේදය වෙනුවට සෘජුවම උතුරේ ජනතාව සමග සම්බන්ධ වීම තම පක්ෂයේ අපේක්ෂාව බවද මාධ්‍ය ලේකම්වරයා සඳහන් කළේය.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්රමුඛ පක්ෂයේ නියෝජිත කණ්ඩායමලබන 02 වැනිදා දක්වා සාමාජික ප්‍රවර්ධන වැඩසටහන සිදුකරන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
ඒඅනුවයාපනය බිෂෝප්වරයා මුණගැසීම,යාපනය හින්දු හා මුස්ලිම් ජනතාව මුණගැසීම,යාපනය ගුරුවරුන්ගේ සංගමයේ හමුව,ගුරුනගර්හිදී ධීවරයන් මුණගැසීම,පේදුරුතුඩුවේදී ග්‍රාමීය ධීවර සංගමය හමුවීම,යාපනය විශ්වවිද්‍යාල සිසුන් හමුවීම,කෝපායිහිදී ග්‍රාමීය ගොවියන්ගේ සංවිධාන හමුවීම,විවිධ ස්ථානවලදී යාපනය ජනතාව මුණගැසීම ආදී අවස්ථා මෙම සාමාජික ප්‍රවර්ධන වැඩසටහනට ඇතුළත් වන බවද එදිරිමාන්න මහතා කීය.