ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ලෙස සුසිල් ප්‍රේමජයන්ත් මහතා පත්කර තිබේ.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මීට ඉහතදී නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ලෙස කටයුතු කරනු ලැබීය.
පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (14දා) බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී රැස්වීය.
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පක්ෂයේ උප සභාපති ලෙස නම්කර තිබේ. පක්ෂයේ භාණ්ඩාගාරික ලෙස එස්.බී. නාවින්න මහතා පත්කර තිබේ.
හිටපු ජනාධිපතිවරුන් මෙන්ම අගමැතිවරුන් පක්ෂයේ මෙන්ම අලෙවි මව්ලනා මහතා පක්ෂයේ අනුශාසකවරුන් ලෙස පත්කොට තිබේ.