බැසිල් රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂයේ කටයුතුවලට අත දැමීම නිසා මේ වනවිට ඒකාබද්ධ විපක්ෂය දෙදරා ගොස් තිබෙන බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.
මෙම දෙදරා යෑම නිසා කිරුළපන මැයි දින රැළියට හැර වෙනත් කිසිදු රැළියකට නොයන බවට ප්‍රකාශ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා මේ වනවිට කියුබාවට ගොස් තිබෙන බවද පවසා සිටියේය.
මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයට වගකිව යුත්තේ බැසිල් රාජපක්ෂ මහතා බවට ඒකාබද්ධ විපක්ෂයේ සිටිනා පිරිස් හා නාමල් රාජපක්ෂ මහතා ප්‍රසිද්ධියේ පැවසූ බවත්, එවැනි තත්ත්වයක් තුළ ඔහු ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධවීම නිසා බොහෝදෙනෙකු ඊට අකමැත්ත ප්‍රකාශ කර තිබෙන බවද පවසා සිටියේය. අද (27දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.