හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එළැබෙන 24දා මූල්‍ය අපාරධ විමර්ශන ඒකකය හමුවේ ප්‍රකාශයක් ලබාදීමට නියමිත බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමෙන්තුව සඳහන් කරයි.
ඔහුගේ නිතිඥ උදය රොෂාන්ද සිල්වා මහතා උපුටා දක්වන රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ හිටපු අමාත්‍යවරයා ඇමෙරිකාවේ සිට වියට්නායමට ගිය බවට වාර්තාවන තොරතරු අසත්‍ය බවයි.
හිටපු අමාත්‍යවරයා වෛද්‍ය පරීක්ෂණ කිහිපයට මුහුණ දෙන බවත් ඉන් අනතුරුව ඔහු දිවයිනට පැමිණෙන බවත් නිතිඥවරයා ප්‍රකාශ කරන අතර ඒ පිළිබඳව පොලිස්පතිවරයාට හා නීතිපතිට දැනුම් දී තිබෙන බවත් සඳහන් කරයි.