අම්බලන්තොට බැරගම දැහැමිපුර ප්රදේශයට කඩා වැදී සිටි වන අලින් තිදෙනෙකු පළවා හැරීමේ මෙහෙයුමක් වනජීවී නිලධාරින් විසින් පසුගිය 01දා සවස ක්රියාත්මක කරන ලදී .
දින කීපයක් පුරාවට වරින් වර මෙම වන අලින් තිදෙනා ප්රදේශයට කඩා වැදී තම වගාවන් විනාශ කරන බවට හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුව මෙම මෙහෙයුම ක්රියාත්මක කර තිබේ .හම්බන්තොට රක්ෂිත ප්රදේශයට වන අලින් තිදෙනා පළවා හැරීමට කට යුතු කරන ලද.