බැඳුම්කරේ C-50 ලේඛනය කථානායක අද එළියට දායිද?
ඇලෝසියස්ගෙන් මුදල් ගත් අයගේ නාමලේඛනයක් 'සී-50' (C-50) ලේඛනයේනෑ, දුරකථන සංවාද පැවැත්වූ අයගේ නම් පමණයි?
මහබැංකු බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන ඇලෝසියස් මහතා සමග දුරකථන සංවාද පැවැත්වූ පුද්ගලයන්ගේ තොරතුරු ඇතුළත් 'සී-50' (C-50) ලේඛනය අද (05දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව 'අද'ට වාර්තාවේ.
බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ පාර්ලිමේන්තුවට ලබානොදුන් කොටසක් වන 'සී-50' (C-50) යටතේ මෙම තොරතුරු අන්තර්ගතව ඇතැයිද වාර්තා වෙයි.
මෙම තොරතුරු හැකි ඉක්මනින් ලබාදෙන ලෙස කථානායක කරු ජයසූරිය මහතා ජනාධිපති කාර්යාලයට දැනුම්දී තිබුණද, ඊයේ (04දා) වනවිටත් එය පාර්ලිමේන්තුවට ලැබී නොතිබිණි.
අද (05දා) දිනයේදී 'සී-50' (C-50) වාර්තාව කථානායකවරයාට ලැබීමට නියමිතව ඇති බවට 'අද'ට වාර්තාවන අතර එය අද දිනයේදී කථානායකවරයාට ලැබුණොත් එය අද දිනයේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට නියමිතය.
එසේ වුවද, අර්ජුන ඇලෝසියස් මහතාගෙන් හෝ එම සමාගමෙන් මුදල් ලබාගත් පුද්ගලයන් පිළිබඳ තොරතුරු මෙම වාර්තාවේ සඳහන් නොමැති බවද වැඩිදුරටත් වාර්තාවේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


