බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් කොමිෂන් සභා වාර්තාවේ දක්වා ඇති චූදිතයන්ට අවශ්‍ය දඬුවම් ලබාදීමට ඒකාබද්ධ විපක්ෂය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට උපරිම ශක්තිය ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.අද (23දා) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේබව කීවේය.
“බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවට අනුව එහි චූදිතයන්ට හා ඔවුන්ට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ කරුණු දක්වා තිබියදී ජනාධිපතිතුමා පැහැදිලිව ඉල්ලා සිටිනවා ඒ පුද්ගලයන්ට අවශ්‍ය දඬුවම් ලබාදෙන්න එතුමාට ශක්තිය ලබාදෙන්න කියලා.
අපි පාර්ලිමේන්තුව වශයෙන්, ඒකාබද්ධ විපක්ෂය වශයෙන් මේ අයට වහාම දෙන්න පුළුවන් දඬුවම දීම සඳහා ජනාධිපතිතුමාට සම්පූර්ණ ශක්තිය ලබාදෙන්න සූදානම්. අදාළ පුද්ගලයන් දැන්මම අත්අඩංගුවට අරගෙන අවශ්‍ය කටයුතු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා" යැයි කීවේය.