බැඳුම්කර සිද්ධියට සම්බන්ධ තවත් මැති ඇමතිවරුන් කිහිපදෙනෙකුට විරුද්ධව විශ්වාසභංග යෝජනා ඉදිරිපත් කිරීමට සහ නීතිමය පියවර ගැනීමට ඒකාබද්ධ විපක්ෂය සතුව සාක්ෂි තිබෙන බව එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
කබීර් හෂීම්,මලික් සමරවික්‍රම යන ඇමතිවරුන් ඇතුළු බැඳුම්කර වංචාවට සම්බන්ධ වූ තවත් මැති ඇමතිවරුන් අටදෙනෙකු පමණ මෙම ලැයිස්තුවට ඇතුළත් වන බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.
විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා බැඳුම්කර වංචාවට සම්බන්ධ වූ ආකාරය රටට හෙළි කළ ආකාරයෙන් අනෙකුත් මැති ඇමතිවරුන්ගේ සබඳතාවන් පිළිවෙළින් අනාවරණය කරන බවත්,එම සියලු දෙනාට අනාගතයේදී දඬුවම් විඳීමට සිදුවනු ඇති බවද රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේය.
බොරැල්ල ඇන්.ඇම්. පෙර්රා කේන්ද්‍රයේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා මේ බව පවසා සිටියේය.