බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ ජනපති කොමිසමේ වාර්තාව හා බරපතල වංචා පිළිබඳ ජනපති කොමිසමේ අවසන් වාර්තාව සම්බන්ධයෙන් වන විවාදය හෙට (06දා) පැය 5 විනාඩි 30ක කාලයක් පැවැත්වීමට පක්ෂ නායකයන් තීරණය කර තිබේ.
ඒ අනුව එම විවාදය පෙ.ව. 10.30ට ආරම්භ කර පස්වරු 4.00 දක්වා පැවැත්වීමට නියමිතය. අද (05දා) පාර්ලිමේන්තුවේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.
මේ අතර පෙබරවාරි 20 දි සිට තවත් දින දෙකක් මෙම වාර්තා සම්බන්ධයෙන් විවාද කිරීමට පක්ෂ නායකයන් එකඟ වී තිබේ.