(UPDATED) මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පත්කළ ජනපති කොමිසමේ වාර්තාව හා බරපලත වංචා හා දූෂණ පිළිබඳ වාර්තාව අද (23දා) පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබීය.
2018/01/22 15.40 PM බැඳුම්කර හා බරපතළ වංචා වාර්තා හෙට සභාගත කරයි
බැඳුම්කර කොමිසමේ වාර්තාව හා බරපතළ වංචා පිළිබඳ කොමිසමේ වාර්තාව හෙට (23දා) සභාගත කරන බව නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ අද (22දා) පැවැති පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය කථානායකවරයා මේ බව සඳහන් කළේය.
වාර්තා සභාගත කිරීමෙන් පසුව එම වාර්තා සම්බන්ධයෙන් විවාද කිරීමට දිනයක් නියම කරන බවත් ඔහු පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තුව හෙට දහවල් රැස්වෙන බවත්, බැඳුම්කර වාර්තාවේ අඩුපාඩු සම්බන්ධයෙන් කථානායකවරයා දැනුවත් කළ බවත්ය.
එසේම අනිද්දා (24දා) පක්ෂ නායකයන් රැස්වීමට නියමිත බවත්, එහිදී විවාදය පැවැත්වෙන දිනය තීරණය කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.