ශ්රී ලංකා මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සහ මහා පරිමාණ දූෂණ, වංචා පිළිබඳ කොමිෂන් වාර්තාව පිළිබඳ ලබන 06 වැනිදා පැවැත්වෙන විවාදයට සිය පක්ෂ සහභාගි නොවන බව දෙමළ ජාතික සන්ධානය හා ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වෙත දැනුම් දී තිබේ.
මැතිවරණ කටයුතු පැවැත්වෙන බැවින් මෙම විවාදයට සහභාගි විමට හැකියාවක් නැතැයි දෙමළ ජාතික සන්ධානයේ මන්ත්රී එම්.ඒ. සුමන්තිරන් මහතා සහ ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා දැනුම් දී තිබේ.
කථානායක කරු ජයසූරිය මහතාගේ ප්රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකිර්ණයේදී ඉකුත්දා පැවැති පක්ෂ නායක රැස්විමේදීද දෙමළ ජාතික සන්ධානය මේ පිළිබඳ නිල නොවන මට්ටමින් දැනුම් දී ඇත.