බැදුම්කර වාර්තාවේ මුදල් ලැබූ පුද්ගලයින් වසන් කිරීමට ජනාධිපති ලේකම් නීතිපති සහාය පැතීමට උත්සහ කරන බව කැෆේ සංවිධානයේ විධායක අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.
සම්පූර්ණ බැඳුම්කර වාර්තාව නිකුත් කිරීම සඳහා තමන් නීතිපති උපදෙස් ඉල්ලීමට සූදානම් බව ජනපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඊයේ සඳහන් කළේය..
“මේ හදන්නේ බැදුම්කර වාර්තාව අවුරුදු 30 ක් වලේ දාන්න නීතිපති ගේ සහාය ගැනීමට උත්සහ දැරීම පමණයි. මේ කුමන්ත්‍රණය පරාජය කළ යුතුයි. බැදුම්කර වාර්තාවේ සත්‍ය දැන්වත් මේ රටේ ජනතාව දැනගත යුතු යැයි” කිර්ති තෙන්නකෝන් මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වේ.