බැඳුම්කර වාර්තාව හා බරපතළ මූල්‍ය අපරාධ පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තා ගැන ප්‍රසිද්ධියේ කතා නොකර ජනාධිපතිවරයා සතුව තිබෙන කඩුව මේ සඳහා කඩිනමින් භාවිත කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
හොරුන්ට මඩුවලිගයෙන් තලන බවට ජනාධිපතිවරයා මීට පෙර සඳහන් කළ බවත් එහෙත් මඩුවලිගයෙන් තැලූ හොරෙකු නොමැති බවද එම පක්ෂයේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා අද (29දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
මේ වනවිට කඩුවක් ගැන කතා කරමින් සිටින බවත් එහෙත් කඩුවෙන් කෙටූ කෙනෙකු නොමැති බවත් මේ නිසා ප්‍රසිද්ධියේ සිදුකරන කතා නවතා දමා හොරුන්ට දඬුවම් ලබාදීමට අවශ්‍ය කටයුතු කළයුතු බවද හෙතෙම පවසා සිටියේය.