බැදුම්කර වාර්තාව පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂ නායකයින් හමුවී පැහැදිලි කිරීමට තීරණය කර ඇති බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා කතානායක කරු ජයසුරිය මහතාට දැනුම්දී තිබේ.
පාර්ලිමේන්තුවට ලබාදුන් බැදුම්කර ගණුදෙනුව පිළිබඳව ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ පිටු සංඛ්‍යාව අඩුවී ඇති බවට පක්ෂ නායකයෝ පාර්ලිමේන්තුවේදී පැවසුහ.
මේ සම්බන්ධයෙන් කතානායක කරු ජයසුරිය මහතා ජනාධිපති ලේකම්වරයාගෙන් විමසා ඇත. ඒ අවස්ථාවේදී ජනාධිපති ලේකම්වරයා පවසා ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පක්ෂ නායකයිටන් ඒ පිළිබඳව පැහැදිලිකිරීමට සුදානම් බවය.
එමෙන්ම මෙම වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන දිනයට ප්‍රථම වාර්තාවේ සියළු කොටස් ලබාදීමට හැකිවනු ඇතැයිදි මෙහිදි සාකච්ඡා වී තිබේ.