මහ බැංකු බැඳුම්කර කොමිසම් වාර්තාවේ පිටු අඩුවී ඇති බවට ඇතැමුන් කෑ ගැසුවද එහි පිටු අඩුවීමක් කිසිසේත් සිදුව නොමැති බවත් සිදුව ඇත්තේ පරික්ෂණ කටයුතු නිම වනතුරු රහස්‍යභාවය ආරක්ෂා කළයුතු ඇතැම් අනු ලේඛන පවතින බැවින් නීතිමය කටයුතු යම්තාක් දුරට ඉදිරියට කි‍්‍රයාත්මක වන තුරු එම ලිපි ලේඛනවල රහස්‍ය භාවය ආරක්ෂා කිරීමට සිදුව තිබීම බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
ඒවා එළිදැක්වීම තුළ චෝදනාවලට ලක්වූවන්ට අයුතු වාසි ලබාගැනීමට හැකියාව පවතින බවද ජනාධිපති වරයා පැවැසීය.
එසේම බැංකු බැඳුම්කර සිදුවීම හා බරපතළ වංචා සහ දූෂණ පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභවන්හි පරීක්ෂණ සහ විමර්ශන කටයුතු මෙතෙක් නිවැරදිව සහ පිරිසිදුව සිදුවූවා සේම එහි ඉදිරි කටයුතු ද නිසි අයුරින් සිදුකිරීමේ වගකීම ජනාධිපතිවරයා ලෙස මෙන්ම පෞද්ගලිකවම ද තමා විසින් භාරගන්නා බව ජනපතිවරයා සඳහන් කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පිටකොටුව එක්සත් ව්‍යාපාරික සංගමය සමග ඊයේ (23) පස්වරුවේ පිටකොටුවේදී පැවති හමුවක් අමතමිනි.
කොළඹ දිස්ති‍්‍රක්කයේ ජනතාව එක්සත් ජාතික පක්ෂයට වසර ගණනාවක් පුරා ඡන්දය ලබාදුන්නද වසර 25 කට මෑත යුගය තුළ එම ජනතාවගේ ගැටලු විසඳීමට ඡන්දය ලබාගත් කිසිදු මහජන නියෝජිතයෙකු කටයුතු කර නොමැති බවද සඳහන් කළේය.